How To Install Helakuru To Pc
Windows සඳහා හෙළකුරු
Windows මෙහෙයුම් පද්ධතිය ඇති පරිගණක සඳහා හෙළකුරු ලබාගන්නේ කොහොමද?
- හෙළකුරු වෙබ් අඩවිය (https://world wide web.helakuru.lk) වෙත පිවිස පහත දැක්වෙන අයිකන අතරින් Windows අයිකනය එබීමෙන් Windows සඳහා හෙළකුරු සංස්කරණය Download කරගත හැකියි.
Windows සඳහා හෙළකුරු යතුරුපුවරුව නොමිලේ ලබාගත හැකිද?
- පෞද්ගලික භාවිතය වෙනුවෙන් Windows සඳහා හෙළකුරු සංස්කරණය නොමිලේ ලබාගත හැකියි.
- ව්‍යාපාරික භාවිතය වෙනුවෙන් Windows සඳහා හෙළකුරු සංස්කරණය ලබාගනී නම්, එක් පරිගණකයක් සඳහා රු.990ක මිලකට මිලදී ගත හැකියි. ව්‍යාපාරික පරිගණක 10කට වැඩි ගණනකට ලබාගැනීමට අවශ්‍ය නම් back up@bhasha.lk ලිපිනයට ලියා විශේෂ මිලක් ලබාගත හැකියි.
Windows සඳහා හෙළකුරු සංස්කරණය භාවිතා කළ හැක්කේ කුමන Windows සංස්කරණ වලද?
- Windows 7 ට ඉහළ ඕනෑම Windows සංස්කරණයක් සඳහා හෙළකුරු භාවිතා කළ හැකියි.
හෙළකුරු වෙබ් අඩවියෙන් Windows සඳහා හෙළකුරු යතුරුපුවරුව Download කරගත් පසු එය Setup කරගන්නේ කොහොමද?
-
Download කරගත් Zero file එක විවෘත කර ඒ තුළ ඇති EULA-Personal.pdf හෝ EULA-Commercial.pdf ලෙස නම්කර ඇති හෙළකුරු මෘදුකාංග බලපත්‍ර ගිවිසුම හොඳින් කියවන්න.
-
ගිවිසුමේ සඳහන් කරුණු වලට ඔබ එකඟවේ නම්, Windows සඳහා හෙළකුරු Install කරගැනීම සඳහා Helakuru Setup අයිකනය Double Click කරන්න.
-
Install කිරීම ආරම්භ කිරීමට ඊළඟට දිස්වෙන තිරයේ Aye ඔබන්න.
-
Install කිරීම අවසන් වූ පසුව දිස්වන පහත තිරයේ Close ඔබන්න.
-
අවසාන වශයෙන් Install කිරීම සම්පූර්ණ කිරීම සඳහා Yes තෝරා Terminate එබීමෙන් පරිගණකය Restart කරන්න.
-
පරිගණකය නැවත First වූ පසුව Windows සඳහා හෙළකුරු භාවිතයෙන් ඔබට සිංහල යතුරු කිරීමේ හැකියාව ලැබේ.
Windows සඳහා හෙළකුරු භාවිතයෙන් පරිගණකයේ සිංහල යතුරු කරන්නේ කොහොමද?
-
මේ සඳහා ඔබේ පරිගණකයේ Task Bar එකේ "ENG" ලෙස දිස්වන යතුරුපුවරු භාෂාව වෙනස්කරන අයිකනය click කරන්න.
-
එවිට දිස්වන පහත මෙනුවෙන් "Sinhala - හෙළකුරු Keyboard" යන්න තෝරන්න.
-
ඉන්පසු ඔබ සිංහල ලිවීමට කැමති යතුරුපුවරු ක්‍රමය තේරීම සඳහා පරිගණකයේ System Tray එකේ ඇති හෙළකුරු අයිකනය click කරන්න. එවිට දිස්වන මෙනුවෙන් ඔබ කැමති ක්‍රමය තෝරන්න.
- ශබ්දානුකූල ක්‍රමය සඳහා "Helakuru - Phonetic" තෝරන්න.
- විජේසේකර ක්‍රමය සඳහා "Helakuru - Wijesekara" තෝරන්න.
-
දැන් ඔබේ පරිගණකයේ යතුරුපුවරුවේ යතුරු එබීමෙන් සිංහල ලිවිය හැක.
Windows සඳහා හෙළකුරු මඟින් ලිවීමේදී සිංහල හා ඉංග්‍රීසි භාෂා අතර මාරු වෙන්නේ කොහොමද?
- භාෂා අතර මාරුවීම සඳහා ඔබට පහත ක්‍රම දෙකෙන් එකක් භාවිතා කළ හැකියි.
- පරිගණකයේ Chore Bar එකේ ඇති "ENG" හෝ "සිං" අයිකනය එබීමෙන්.
- Alt + Shift යන Keyboard Shortcut එක මඟින්.
Windows සඳහා හෙළකුරු මඟින් පිරිනැමෙන පහසුකම් මොනවද?
- ශබ්දානුකූල ක්‍රමයට සිංහල රචනය
- විජේසේකර ක්‍රමයට සිංහල රචනය
Windows සඳහා හෙළකුරු මඟින් Vox Typing පහසුකම ලැබෙනවද?
- පරිගණකයට Install කරගන්නා "Windows සඳහා හෙළකුරු" වෙතින් Vox Typing පහසුකම නොලැබේ.
- නමුත් Chrome බ්‍රව්සරය හරහා හෙළකුරු වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම පරිගණකයකින් Voice Typing පහසුකම භාවිතා කළ හැකියි.
Windows සඳහා හෙළකුරු භාවිතා කිරීම සඳහා අන්තර්ජාලයට සම්බන්ධ වී සිටිය යුතුද?
- නැහැ. Windows සඳහා හෙළකුරු, පරිගණකය තුළට install වන "Stand up-alone" මෘදුකාංගයක් නිසා එහි ක්‍රියාකාරිත්වයට අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නොවේ.
Windows සඳහා හෙළකුරු යතුරුපුවරුව භාවිතයේදී පරිශීලකයා යතුරු කරන දෑ සුරක්ෂිතද?
- ඔව්. ඒ පිළිබඳ වැඩිදුර දැනගැනීම සඳහා යතුරුපුවරු දත්ත භාවිතය යන ලිපිය කියවන්න.
Windows සඳහා හෙළකුරු මඟින් Super App සංකල්පය හරහා පිරිනැමෙන අමතර ඩිජිටල් සේවා සහ මෙවලම් භාවිතා කළ හැකිද?
- පරිගණකයට Install කරගන්නා "Windows සඳහා හෙළකුරු" වෙතින් Super App සංකල්පය හරහා පිරිනැමෙන සේවාවන් නොලැබේ.
- නමුත් හෙළකුරු වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම පරිගණකයකින් එම පහසුකම් භාවිතා කළ හැකියි.
ජංගම දුරකථනයෙන් සිංහල ලියන ආකාරයෙන්ම Windows සඳහා හෙළකුරු මඟින් සිංහල ලිවිය හැකිද?
- ඔව්. ඔබ සිංහල ලියන්නේ ශබ්දානුකුල ක්‍රමවේදයෙන් නම්, Windows සඳහා හෙළකුරු වලින් සිංහල අකුරු ලියැවෙන්නේ, ජංගම දුරකථනයේදී ලියැවෙන අකුරු සංයෝජන වලින්මයි. එම සංයෝජනයන් ගැන දැනුවත් වීමට ශබ්දානුකූල ක්‍රමයෙන් රචනය යන ලිපිය කියවන්න.
- ඔබ සිංහල ලියන්නේ විජේසේකර ක්‍රමයෙන් නම්, එහිදී පරිගණකයේ ලියැවෙන්නේ සම්මත විජේසේකර අකුරු සැකැස්මේ ආකාරයට වන අතර, එය ජංගම දුරකථනයේ ඇති ස්මාට් විජේසේකර සැකැස්මට බොහෝ දුරට සමාන වේ. එම සැකැස්ම ගැන දැනුවත් වීමට විජේසේකර ක්‍රමයෙන් රචනය යන ලිපිය කියවන්න.
© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.
මීළඟ ලිපිය:
හෙළකුරු යතුරුපුවරු : MacOS සඳහා හෙළකුරු
Source: https://facts.helakuru.lk/keyboard/windows
Posted by: pickettfelonfuld.blogspot.com
0 Response to "How To Install Helakuru To Pc"
Post a Comment